/
/
title icon
අනෝජන්ගේ මරණ දඬුවම ලිහිල් කරගන්න නියෝජිත කණ්ඩායමක් සෞදියට
අනෝජන්ගේ මරණ දඬුවම ලිහිල් කරගන්න නියෝජිත කණ්ඩායමක් සෞදියට
News Editor
53 minutes ago
Share:
අනෝජන්ගේ මරණ දඬුවම ලිහිල් කරගන්න නියෝජිත කණ්ඩායමක් සෞදියට

මරණ දඬුවම නියමවී සිටින සිවරාසා අනෝජන් නිදහස් කරගැනීම වෙනුවෙන් එරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනුකිරීමේ කටයුතු පිළිබද සොයා බැලීමට ශ්‍රී ලාංකික නියෝජිත පිරිසක් ලබන අඟහරුවාදා සෞදි අරාබියාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ෆයිසර් මුස්තාෆා මහතා, ජනාධිපති නීතීඥ උපුල් කුමාරප්පෙරුම සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ඇතුළු 05 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඒ සඳහා පිටත්වයාමට නියමිත බව වාර්තා වනවා.

මේ වනවිට එරට අභියාචනාධිකරණය විසින් සිවරාසා අනෝජන්ට මරණ දඬුවම නියම කර ඇති අතර ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බව සඳහන්.

එම නීතිමය කටයුතු පිළිබඳව සෞදි අරාබියාවේ නීතීඥවරුන් සමඟ සාකච්ඡා කර නිවැරදි ආකාරයෙන් එම අභියාචනය ඉදිරිපත් කිරීමට  සැලසුම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා මහතා සඳහන් කළා.

ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ පළකළ කමෙන්ටුවකින් ආගමික අපහාසයක් සිදුකළ බවට ඔහුට චෝදනා එල්ලවීම හේතුවෙන් සිවරාසා අනෝජන්ට මරණ දඬුවම ලබාදීමට සෞදි අරාබියානු අභියාචනාධිකරණය පසුගියදා නියෝග කරනු ලැබුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required