/
/
title icon
ශිරන්තිගෙන් අපේක්ෂිත ඇප අයැදුමක්
ශිරන්තිගෙන් අපේක්ෂිත ඇප අයැදුමක්
News Editor
2 hours ago
Share:
ශිරන්තිගෙන් අපේක්ෂිත ඇප අයැදුමක්

"සිරිලිය සවිය" ගිණුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා, හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අපේක්ෂිත ඇප අයැදුම් පත්‍රයක් ඉදිරිපත් කර තිබෙනවා.

සිය නීතිඥවරු මාර්ගයෙන් ඇය මෙම අපේක්ෂිත ඇප අයැදුම් පත්‍රය ඉදිරිපත් කර ඇත්තේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේයී.

මේ සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ සති දෙකක් තුළ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන බවට හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඉකුත් සැප්තැම්බර් 24 වැනිදා දැනුම්දීමක් සිදුකර තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required