/
/
title icon
මහින්ද කහඳගමගේ මත් ජාවාරමේ 'ඩැඩා' බවට අනාවරණයක්
මහින්ද කහඳගමගේ මත් ජාවාරමේ 'ඩැඩා' බවට අනාවරණයක්
News Editor
3 hours ago
Share:
මහින්ද කහඳගමගේ මත් ජාවාරමේ 'ඩැඩා' බවට අනාවරණයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ කොළඹ මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ ඉතා සමීපව කටයුතු කර ඇති බවට තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.

මහින්ද කහඳගම මහතා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට ලද තොරතුරකට අනුව සිදු කළ විමර්ශනයකදී, අද පෙරවරුවේ ඔහුව අයිස් මත්ද්‍රව්‍ය ද සමඟ අත්අඩංගුවට ගැනීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සමත් වුණා.

ඒ අනුව සිදු කළ වැඩිදුර විමර්ශනවලදී, ඔහු ඩුබායි රාජ්‍යයට ගොස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සමඟ සාදයක් පවත්වන දර්ශන පෙළක් විමර්ශන නිලධාරීන්ට හමුවී තිබෙනවා.

එම දර්ශනවල 'මෝදර නිපුන' නමැති අපරාධකරුගේ සහෝදරයා වන චතුර දිල්රුක්ෂාන් සහ 'කෙසෙල්වත්තේ දිනූෂ' නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිටින අතර, ඔවුන් සමඟ කහඳගම මහතා ඉතා සමීපව කටයුතු කරන ආකාරය දැක්වෙනවා.

එහිදී ඔවුන් කහඳගම මහතාව 'ඩැඩා' යනුවෙන් ආමන්ත්‍රණය කිරීමද සිදු කරනු ලබනවා.

එමෙන්ම 'ඉබ්බගේවත්තේ සුජී' නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමඟ ද ඔහු සමීප සබඳතා පවත්වා ඇති අතර, ඔවුන් අතර සිදු වූ දුරකථන සංවාදවල තොරතුරු ද විමර්ශන නිලධාරීන් සොයාගෙන තිබෙනවා.

ඔහු 'ඉබ්බගේවත්තේ සුජී'ගෙන් ලබාගත් අයිස් මත්ද්‍රව්‍ය සඳහා මුදල් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් මරණ තර්ජන පවා එල්ල වී තිබූ බව විමර්ශනවලදී වැඩිදුරටත් හෙළිව ඇති කරුණක්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required