/
/
title icon
හිටපු ජනපති ආර්යා ශිරන්ති රිමාන්ඩ්
හිටපු ජනපති ආර්යා ශිරන්ති රිමාන්ඩ්
News Editor
10 hours ago
Share:
හිටපු ජනපති ආර්යා ශිරන්ති රිමාන්ඩ්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඔක්තෝබර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තබෙනවා.

ඒ, ඇය අද පස්වරුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

කෙසේ වෙතත්, වෛද්‍ය ප්‍රතිකාර සඳහා සැකකාරිය කොළඹ පෞද්ගලික රෝහලක් වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස මෙහිදී අතිරේක මහෙස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය විසින් බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළා.

සිරිළිය සවිය ගිණුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ඇය අද පෙරවරුවේ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මේ අතර එම නඩුකරයට අදාළව අද දිනයේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා ඇප මත මුදාහැර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required