/
/
title icon
ගෙවුණු දෙවසරේ මත් වැරදිවලට 574,000ක් අත්අඩංගුවට
ගෙවුණු දෙවසරේ මත් වැරදිවලට 574,000ක් අත්අඩංගුවට
News Editor
3 hours ago
Share:
ගෙවුණු දෙවසරේ මත් වැරදිවලට 574,000ක් අත්අඩංගුවට

ගෙවීගිය වසර දෙකක කාලය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු මත්ද්‍රව්‍යවලට සම්බන්ධ පුද්ගලයින් 574,000ක් නීතියේ රැහැනට හසුකරගත් බව බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළා.

නිකවැරටියේ අද (11) පැවැත්වෙන මහජන රැලිය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, මෙම මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස නීති විරෝධී ජාවාරම්කරුවන් බන්ධනාගාර ගතවන බවයි.

එමෙන්ම රට තුළ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමේ සහ ජනජීවිතය සුරක්ෂිත කිරීමේ පියවරක් ලෙස, අපරාධකරුවන් සතුව තිබූ විරෝධීව තිබූ ගිනිඅවි 3,980ක් රජයේ භාරයට ගෙන ඇති බවද අමාත්‍යවරයා පැවසුවා.

රට තුළ පැවති බිඳවැටුණු නීතියේ ආධිපත්‍යය යළි ස්ථාපිත කරමින්, මහජන මුදල් විනාශ කළ ජාවාරම්කරුවන්ට එරෙහිව තරාතිරම නොබලා දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවද ඒ මහතා අවධාරණය කළා.

අපරාධ හා මූල්‍ය අක්‍රමිකතාවලට අදාළව සිදුකෙරෙන සියලු විමර්ශන ක්‍රියාවලීන් වඩාත් කාර්යක්ෂම කිරීමට කටයුතු යොදා ඇත.

මින් ඉදිරියට නීතියෙන් බේරී සිටීමට කිසිදු වංචාකරුවෙකුට හෝ ජාවාරම්කරුවෙකුට ඉඩ නොතබන බවත්, විමර්ශන ආයතන ශක්තිමත් කරමින් එම කටයුතු කඩිනම් කර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

එමෙන්ම, මෙරට අධිකරණ පද්ධතිය තුළ ගොඩගැසී තිබෙන ලක්ෂ 11කට ආසන්න නඩු සංඛ්‍යාව කඩිනමින් විසඳා අවසන් කිරීම සඳහා අවශ්‍ය සියලුම පියවර ගෙන ගෙන තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required