/
/
title icon
පෞද්ගලික ඉන්ධන සමාගම්වලට ජනපතිගෙන් රතු එළියක්
පෞද්ගලික ඉන්ධන සමාගම්වලට ජනපතිගෙන් රතු එළියක්
News Editor
2 hours ago
Share:
පෞද්ගලික ඉන්ධන සමාගම්වලට ජනපතිගෙන් රතු එළියක්

පෞද්ගලික ඉන්ධන සමාගම් සමඟ පෙර අත්සන් කර ඇති ගිවිසුම් ඉදිරියේදී සංශෝධනය කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉබ්බාගමුව ප්‍රදේශයේ අද (11) පස්වරුවේ පැවැති ජාතික ජන බලවේගයේ ජන රැළිය අමතමින් පැවසුවේ, ගිවිසුම් සංශෝධනය: පෙර පැවති රජයන් විසින් පෞද්ගලික ඉන්ධන සමාගම් සමඟ අත්සන් කරන ලද ඇතැම් කොන්දේසි සහිත ගිවිසුම් හේතුවෙන් තෙල් සංස්ථාවට නම්‍යශීලී ලෙස මිල තීරණය කිරීමට සහ වෙළඳපොළ පාලනය කිරීමට බාධා මතු වී ඇති බවයි.

පෞද්ගලික සමාගම්වල අභිමතය පරිදි පමණක් ක්‍රියාත්මක වීමට ඉඩ නොදී, පාරිභෝගික ජනතාව ආරක්ෂා වන පරිදි ඉන්ධන මිල සම්බන්ධයෙන් කටයුතු කරන බව ජනාධිපතිවරයා පවසනවා.

තෙල් සංස්ථාව පාඩු ලබන තත්ත්වයෙන් මුදාගෙන දැනටමත් ලාභ ලබන ආයතනයක් බවට පත් කර ඇති අතර, ජනතාවට බරක් නොවන පරිදි ඉන්ධන සැපයුම විධිමත් කිරීමට රජය කැපවන බව වැඩිදුරටත් අවධාරණය කෙරුණා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, කියා සිටියේ "පරණ ගිවිසුම්. අපි ඒවා සංශෝධනය කරනවා. ඩීසල් වෙළෙඳපොලේ තෙල් සංස්ථාවේ පංගුව තිබුණේ සීයට පනස් අටයි. අද ඩීසල් වෙළෙඳපොලේ තෙල් සංස්ථාවේ පංගුව සීයට හැත්තෑ හතයි. ඉතිරි විසිතුන කරන්න කට්ටියට බැරිනම් ඒක අපිම කරන්නම්. මතක තබා ගන්න. අපි ඒ ගොල්ලන්ට දැනුම් දීලා තියෙනවා. ඕන්නම් ඕගොල්ලෝ කියන ගානට විකුණන්න. අපි අපේ ගානට විකුණනවා. වෙන උත්තර නෑ මේවට ගහලා තියෙන ගිවිසුම් අනුව..." බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required