/
/
title icon
මන්ත්‍රී චාමර අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
මන්ත්‍රී චාමර අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
News Editor
4 hours ago
Share:
මන්ත්‍රී චාමර අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විධිමත් ක්‍රමවේදයක් අනුගමනය නොකර තෝරාගත් සමාගම් 03ක් සඳහා පමණක් පොස්පේට් අපනයනය කිරීමට කටයුතු සැලසීම සහ එම සමාගම් වෙත පොස්පේට් අපනයනයට අවශ්‍ය බලපත්‍ර ලබා ගැනීමට සහාය ලබාදීම වෙනුවෙන් එම සමාගම්වලින් රුපියල් ලක්ෂ 81ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

සිදුකෙරන එම විමර්ශනයට අදාළව ඒ මහතා අද උදෑසන අල්ලස් කොමිසම වෙත පැමිණි අතර එහිදී ඒ මහතාගෙන් පැය 3කට අධික කාලයක් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබුවා.

චාමර සම්පත් මහතා ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සිටි සමයේ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුමතිපාල ලියනාරච්චි නමැත්තා ද මෙම විමර්ශනයට අදාළව අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතකර සිටිනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required