ආර්ථික වර්ධනය සඳහා නව එකඟතාවකට යා යුතු නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නව වැඩසටහනකට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
කොළඹ අද පැවති ''ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුව 2026'' අමතමින් ජනපතිවරයා මේ බව කියා සිටියා.
එහිදී වැඩිදුරටත් ඔහු සඳහන් කළේ, කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ අයිතිය රජය යටතේ තබාගනිමින් කළමනාකරණ කටයුතු සඳහා සමාගමක් පත්කර එහි කොටස් පුද්ගලික ආයෝජකයෙකුට ලබාදීමට රජය සැලසුම් කර ඇති බවයි.