බන්ධනාගාරගතව සිරදඬුවම් විඳින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාගැනීම වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් උදෙසා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ 'නිදහසේ පාද යාත්රාව' අද කොළඹට පැමිණියා.
පාගමනේ 6 වැනි දිනය වූ අද කඩවතිත් පාගමන ආරම්භ කළ අතර, එය කිරිබත්ගොඩ, පෑලියගොඩ නගර පසුකරමින් මාලිගාවත්ත, මරදාන නගර පසුකරමින් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කරනු ලැබුවා.
ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලය අසල දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා.
අනතුරුව පස්වරු පහට පමණ පාදයාත්රාව ජනපති ලේකම් කාර්යාලය අසළට පැමිණියා.
මහනුවර ඓතිහාසික ශ්රී දළදා මාලිගය පරිශ්රයේ පිහිටි වාරියපොළ සුමංගල හිමියන්ගේ ප්රතිමාව අබියසින් ඉකුත් 10 වැනිදා මෙම පාගමන ආරම්භ කරනු ලැබුවා.