/
/
title icon
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළට
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළට
News Editor
1 hour ago
Share:
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළට

ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල යළිත්වරක් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර, ඉකුත් මැයි මාසයෙන් පසු පළමුවරට බ්‍රෙන්ට් මිල ඩොලර් 110 සීමාවද පසුකර තිබෙනවා.

හෝමූස් සමුද්‍ර සන්ධියේ ඉරාන ප්‍රහාර ඉහළ යාම, සෞදි අරාබියට එල්ල වූ හූති මිසයිල ප්‍රහාර සහ රුසියානු තෙල් පිරිපහදුවලට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවට යුක්‍රේනය කළ ප්‍රකාශය හමුවේ මෙලෙස ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යෑමට හේතුවයි.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල පසුගිය මැයි මාසයෙන් පසුව ප්‍රථම වතාවට එක් අවස්ථාවකදී ඩොලර් 110 සීමාව දක්වා ඉහළ ගියා.

කෙසේ වෙතත්, පසුව තරමක් පහත බැස 3.7% ක වර්ධනයක් සහිතව ඩොලර් 109.86ක් ලෙස සටහන් වුණා.

එමෙන්ම අමෙරිකානු WTI බොරතෙල් මිල 3.5%කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 101.41ක් ලෙස සටහන් වූ අතර, මේ සතිය තුළ පමණක් WTI මිල 10%කට වඩා සහ බ්‍රෙන්ට් මිල 5%කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required