/
/
title icon
කාවන්තිස්සට වෙඩි තැබූ බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට
කාවන්තිස්සට වෙඩි තැබූ බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට
News Editor
3 hours ago
Share:
කාවන්තිස්සට වෙඩි තැබූ බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පරිසර අමාත්‍යාංශය පවසනවා.

සැකකරු ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත නිපුනතා සංවර්ධන නිලධාරියෙකු බව පොලීසිය සඳහන් කළා.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව දියත් කළ විශේෂ මෙහෙයුමකදී මෙම සැකකරු අත්තඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ඔහුගේ නිවසේ තිබී බොර 12  වර්ගයේ ගිනි අවියක්" "කැප් තුවක්කු" වර්ගයේ ගිනි අවියක් සහ උණ්ඩ 24ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා විසින් මීට පෙර අවස්ථාවකදී "ඩයනා" නමින් හැඳින් වූ ඇතෙකුට වෙඩිතබා ඇති බවටද තොරතුරු වාර්තා වී ඇති බව පොලීසිය වැඩිදුරටත් පැවසුවා. 

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් අදාළ අංශ මඟින් ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මක අතර, ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required