අද, හෙට සහ අනිද්දා යන තෙදින තුළ පස්වරු 4.30 සිට 8.30 දක්වා දිවයිනේ සියලු ප්රදේශ කලාප 4කට බෙදා පැයක කාලයක් සඳහා විදුලිය කප්පාදුවක් සිදුකිරීමට තීරණය කර තිබෙනවා.
ඒ සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් අවසරය ඉල්ලා ඇති බව ජාතික පද්ධති ක්රියාකරු සමාගමේ ප්රධාන විධායක නිලධාරී බුද්ධික සමරසිංහ මහතා කියා සිටියා.
ඒ අනුව අද (19) , හෙට (20) සහ අනිද්දා (21) යන තෙදින තුළ දිවයින පුරා සිදුකිරීමට නියමිත විදුලි කප්පාදුව සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිව ඇති බව අද පස්වරුවේ ඔවුන් නිවේදනය කළා.
ඒ අනුව දිවයිනම කලාප 4කට බෙදා දිනකට පැයක කාලයක් විදුලි කප්පාදුව සවස 4.30 සිට රාත්රී 9 දක්වා වූ කාලය තුළ සිදුකිරීමට නියමිතයි.
කෙසේ වෙතත්, එක් එක් කාණ්ඩයේ විදුලි සැපයුම විසන්ධි කරන සහ යළි යථා තත්ත්වයට පත් කරන වේලාවන් අදාළ කාල පරාසය තුළ මිනිත්තු 30ක පමණ කාලයක් වෙනස් විය හැකි බවද ජාතික පද්ධති ක්රියාකරු සමාගම පැවසුවා.