මොරටුව - සොයිසාපුර ප්රදේශයේ හෝටලයක හිමිකරුවෙකුට එල්ල වූ වෙඩි ප්රහාරයකින් අනතුරුව ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද (20) රාත්රී 8.20ට පමණ මෝටර් රථයකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව සඳහන්.
පොලිසිය පැවසුවේ හෝටල් හිමිකරුවෙකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි.
පසුව වෙඩික්කරුවන් අදාළ මෝටර් රථය වෙනත් ස්ථානය දමා පලා ගොස් ඇති බවද සඳහන්.
වෙඩි ප්රහාරයෙන් තුවාල ලැබූ හෝටල් හිමිකරු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.