/
/
title icon
ඇතිවෙන්න ගෑස් බෙදන බව ලිට්‍රෝ කියයි
ඇතිවෙන්න ගෑස් බෙදන බව ලිට්‍රෝ කියයි
News Editor
15 hours ago
Share:
ඇතිවෙන්න ගෑස් බෙදන බව ලිට්‍රෝ කියයි

ගෑස් බෙදා හැරීම් තවදුරටත් ශක්තිමත් කරමින් එළැඹෙන 27 වැනි දින වන විට ගෑස් සිලින්ඩර ලක්ෂ 7ක් දිවයින පුරා බෙදා හැරීමට සැලසුම් කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. 

එම සමාගම සඳහන් කර ඇත්තේ වෙළෙඳපොළ තුළ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් පසුගිය 22 වැනි දින ළඟා වූ නෞකාවට අමතරව ඊයේ (24) දිනයේද GOODWILL නෞකාව මගින් ගෑස් මෙට්‍රික් ටොන් 3,900ක් දිවයිනට රැගෙන ආ බවයි.

එමෙන්ම හෙට (26) දිනයේද ගෑස් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිතව ඇති බවත් සඳහන් කර ඇති ලිට්‍රෝ සමාගම ඒ අනුව ගෑස් සිලින්ඩර ලක්ෂ 7ක් වෙළෙඳපොළට බෙදා හරිනු ඇති බවද නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. 

සමාගම සඳහන් කර ඇත්තේ පසුගිය 22 වැනි දින මෙරටට ළඟා වූ මෙට්‍රික් ටොන් 3,900ක ගෑස් තොගය රැගත් නෞකාවෙන් ගෑස් සිලින්ඩර 350,000ක් පසුගිය 23, 24, සහ අද (25) දිනයේද අඛණ්ඩව බෙදා හරිනු ඇති බවයි.

එබැවින් ඉදිරි දින කිහිපය තුළ පාරිභෝගිකයින් හට ගෘහස්ත ගෑස් කිසිදු හිඟයකින් තොරව වෙළෙඳපොළෙන් ලබා ගත හැකි බවද එම සමාගම සිය නිවේදනය මගින් සඳහන් කර වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required