/
/
title icon
නෙතන්යාහුට බලය අහිමි වෙයිද?
නෙතන්යාහුට බලය අහිමි වෙයිද?
News Editor
5 hours ago
Share:
නෙතන්යාහුට බලය අහිමි වෙයිද?

ඊශ්‍රායල මහ මැතිවරණය පැවැත්වීමට දින කිහිපයක් ඉතිරිව තිබියදී, අගමැති බෙන්ජමින් නෙතන්යාහුට එරෙහිව දහස් ගණනකගේ සහභාගිත්වයෙන් ටෙල් අවිව් අගනුවර දැවැන්ත උද්ඝෝෂණයක් ඊයේ පැවැත්වුණා.

මෙම විරෝධතාව සංවිධානය කර ඇත්තේ 2023 ඔක්තෝබර් 07 වනදා හමාස් සංවිධානය විසින් එල්ල කරන ලද ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ගේ පවුල්වල සාමාජිකයන් හා විපක්ෂ දේශපාලන කණ්ඩායම් විසින්. 

එදින ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම සහ හමාස් භාරයේ සිටි තම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් අගමැති නෙතන්යාහු ප්‍රමුඛ රජයට දැඩි චෝදනා එල්ල වනවා. 

අදාළ විරෝධතාව සඳහා සමාන්‍ය ජනතාවද එක්ව ඇති අතර, ඊශ්‍රායල මාධ්‍ය වාර්තාවන්ට අනුව එරට ප්‍රධාන විරුද්ධ පක්ෂ හතරේ නායකයින් මෙම විරෝධතාවේ පෙරමුණ ගෙන සිටිනවා. 

මැතිවරණයේදී අගමැති නෙතන්යාහු සමග කරට කර තරගයක නියැලෙන හිටපු හමුදා මාණ්ඩලික ප්‍රධානී ගාඩි අයිසන්කොට්ද ඒ අතර සිටීම විශේෂත්වයක්.

මේ අතර පසුගිය සිකුරාදා (23) රාත්‍රියේ සිට ආරම්භ වූ මැතිවරණ නිහඬ කාලයට පෙර ප්‍රකාශයට පත් කරන ලද මත විමසුම්වලට අනුව මෙවර මැතිවරණයේදී කිසිදු පක්ෂයකට පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතරයක් ලබාගැනීමට නොහැකි වනු ඇති බව සඳහන්.

එම මතවිමසුම් වාර්තාවලට අනුව සමස්ත ආසන 120න් ආසන 52ක් හිටපු හමුදා මාණ්ඩලික ප්‍රධානී අයිසෙන්කොට්ගේ කණ්ඩායමට හිමිවීමට ඉඩ ඇති අතර, නෙතන්යාහුගේ කණ්ඩායමට හිමිවනු ඇත්තේ ආසන 50ක් පමණයි.

ඉතිරි ආසන ප්‍රමාණය අරාබි පක්ෂ ඇතුළු සුළු පක්ෂ අතර බෙදීයනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. 
තීරණාත්මක ඊශ්‍රායල මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා පැවැත්වීමට නියමිතයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required