/
/
title icon
අර්නබ් හෙට ප්‍රබල චන්ඩ සුළි කුණාටුවක් වෙයි
අර්නබ් හෙට ප්‍රබල චන්ඩ සුළි කුණාටුවක් වෙයි
News Editor
3 hours ago
Share:
අර්නබ් හෙට ප්‍රබල චන්ඩ සුළි කුණාටුවක් වෙයි

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති "අර්නබ්" නමැති සුළි කුණාටුව හේතුවෙන් දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද (26) රාත්‍රී 08.00 ට නිකුත් කරන ලද මෙම නිවේදනයට අනුව, අද පස්වරු 2.30 වන විට "අර්නබ්" සුළි කුණාටුව කන්කසන්තුරයේ සිට කි.මී. 1,050 පමණ ඊශාන දෙසින් (උතුරු අක්ෂාංශ 15.5° සහ නැගෙනහිර දේශාංශ 87.8° ආසන්නයේ) කේන්ද්‍රගතව පැවතුණා.

බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂිත මෙම පද්ධතිය, බටහිර - මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී තවදුරටත් වර්ධනය වී චණ්ඩ සුළි කුණාටුවක් බවට පත්වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

අනතුරුව, හෙට (27) වන විට එය ඉතා චණ්ඩ සුළි කුණාටුවක් බවට පත්වී, ඔක්තෝබර් 28 වන දින පෙ.ව. 11.30 පමණ වන විට අන්ද්‍රා ප්‍රදේශය හරහා ඉන්දියානු වෙරළ තීරයට ඇතුල් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required