ශ්රී ලංකා රේගුවේ මත්ද්රව්ය පාලන අංශ නිලධාරීන් විසින් අද (28) කටුනායක ගුවන්තොටුපොළේ සිදුකළ පරීක්ෂාවකදී, රුපියල් මිලියන 454ක ඇස්තමේන්තුගත වෙළෙඳපොළ වටිනාකමකින් යුත් කොකේන් සහ එක්ස්ටසි මත්ද්රව්ය තොගයක් සමග 46 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකු රේගු භාරයට ගෙන තිබෙනවා.
වෘත්තියෙන් ඉංජිනේරුවෙකු වන මෙම මගියා, කටාර් ගුවන් සේවයට අයත් QR 654 දරන ගුවන් යානයෙන් පැරිස් සිට දෝහා හරහා මෙරටට පැමිණ ඇති බව සඳහන්.
ගුවන්තොටුපළේදී සිදුකළ වැඩිදුර පරීක්ෂාව සඳහා ශ්රී ලංකා රේගු මත්ද්රව්ය පාලන අංශයේ නිලධාරීන් විසින් මෙම මගියා රඳවා ගෙන තිබෙනවා.
මගියාගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී මෙම මත්ද්රව්ය සොයාගෙන ඇති අතර, වැඩිදුර පරීක්ෂාවේදී ඒවා කොකේන් සහ එක්ස්ටසි මත්ද්රව්ය බවට හඳුනාගෙන ඇතැයි සඳහන්.