පසුගිය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් නිසි පරීක්ෂාවකින් තොරව කන්ටේනර් 323ක් වරායෙන් පිටකිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව දෙසැම්බර් 21ට පෙර නිකුත් කිරීමට කටයුතු කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය හර්ෂණ නානායක්කාර මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ අදාළ වාර්තාව සකස්කිරීමේ අවසන් අදියර මේ වනවිට සිදුවෙමින් පවතින බවයි.
කන්ටේනර් 323ක් වරායෙන් පිටකිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව අතුරුදන්ව ඇති බවට පසුගිය දිනවල සමාජ මාධ්ය ඔස්සේ ප්රචාරයක් සිදුවූ බවයි.