නොවැම්බර් මාසය සඳහා ලිට්රෝ ගෑස් මිල සංශෝධනය නොකිරීමට එම සමාගම පියවර ගෙන තිබෙනවා.
ලිට්රෝ ගෑස් සමාගම සඳහන් කර ඇත්තේ ජාත්යන්තර වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාම සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ වුවද පාරිභෝගික ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි.
ඒ අනුව නොවැම්බර් මාසය සඳහාද පවතින මිල ගණන් වලගු වන බව ලිට්රෝ ගෑස් සමාගම සඳහන් කළා.
පවතින ලිට්රෝ ගෑස් මිල ගණන් යටතේ කිලෝග්රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 4,365ක මිලකට අලෙවි වනවා.
මීට අමතරව කිලෝග්රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,750කට සහ කිලෝග්රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් රුපියල් 815 මිලකටයි අලෙවි කරනු ලබන්නේ.