/
/
title icon
ත්‍රිකුණාමලයේත් වෙඩි පත්තුවෙයි - අයෙකු මරුට
ත්‍රිකුණාමලයේත් වෙඩි පත්තුවෙයි - අයෙකු මරුට
News Editor
1 hour ago
Share:
ත්‍රිකුණාමලයේත් වෙඩි පත්තුවෙයි - අයෙකු මරුට

ත්‍රිකුණාමලය චීන වරාය ප්‍රදේශයේ කප්පල්තුරෙයි මාර්ගයේ ධාවනය වූ ත්‍රිරෝද රථයකට අද රාත්‍රියේ එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එමෙන්ම තවත් පුද්ගලයින් දෙදෙනෙකු එහිදී තුවාල ලබා රෝහල්ගත කර ඇති බව සඳහන්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පැවසුවේ, වෙඩි තැබූ පුද්ගලයින් සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මක බවයි.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ දෙදෙනා ත්‍රිකුණාමලය මහ රෝහල වෙත ඇතුළත් කර ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required