/
/
title icon
සිව්වන කාර්තුවටත් විදුලි ගාස්තුව වැඩිවෙයිද ?
සිව්වන කාර්තුවටත් විදුලි ගාස්තුව වැඩිවෙයිද ?
News Editor
3 hours ago
Share:
සිව්වන කාර්තුවටත් විදුලි ගාස්තුව වැඩිවෙයිද ?

2026 වසරේ අවසන් කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයේදී සියයට 1.46ක වැඩිවීමක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව මූලික වශයෙන් යෝජනා කර තිබෙනවා.

ජාතික පද්ධති ක්‍රියාකරු (NSO) විසින්  ඉදිරිපත් කර තිබූ යෝජනාව අනුව, එම කාර්තුවේ විදුලි සැපයුම් පිරිවැය රුපියල් බිලියන 157.3ක් වන අතර, විදුලි අලෙවියෙන් අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 154ක්.

ඒ අනුව, රුපියල් බිලියන 4.4ක ආදායම් හිඟයක් පියවා ගැනීම සඳහා සියයට 2.88ක ගාස්තු වැඩිවීමක් අවශ්‍ය බව එම ආයතනය යෝජනා කර තිබුණා.

කෙසේ වෙතත්, කොමිෂන් සභාවේ මූලික සමාලෝචනයේදී ගල්අඟුරු බලාගාර ධාරිතා පිරිවැය ඉහළ යාමට අදාළ පිරිවැය ඉවත් කිරීමත්, 2026 දෙවන කාර්තුවේ ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු භාවිතය හේතුවෙන් ඇති වූ අමතර පිරිවැය නැවත සලකා බැලීමත් සමඟ යෝජිත වැඩිවීම සියයට 1.46 දක්වා අඩු කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required