/
/
title icon
සජිත්ගෙන් ආණ්ඩුවට සැර චෝදනාවක්
සජිත්ගෙන් ආණ්ඩුවට සැර චෝදනාවක්
News Editor
36 minutes ago
Share:
සජිත්ගෙන් ආණ්ඩුවට සැර චෝදනාවක්

‘වසර දෙකයි රටට සුබයි’ යන තේමාව යටතේ රජය මේ වන විට රට පුරා රැස්වීම් මාලාවක් පවත්වමින් සිටියද, වත්මන් තත්ත්වය අනුව ‘වසර දෙකයි රටට සුබයි, මුළු කොළඹම ගලයි’ යනුවෙන් පැවසීමට සිදුව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. 

ජනාධිපතිවරයා නව වැව් ඉදිකරන බවට ප්‍රකාශ කළද, ඊයේ දිනයේදී මුළු කොළඹ නගරයම එක් ජලාශයක් බවට පත්වූ බවත්, කොළඹ මහ නගර සභාවේ බලය ලබාගන්නා අවස්ථාවේ මාස හයක් ඇතුළත මුළු කොළඹ නගරයම බබළවන බවට පොරොන්දු වූවත්, කාණු පද්ධති පිරිසිදු කිරීම හා ප්‍රතිසංස්කරණය කිරීම නිසි පරිදි සිදුකර නොමැති බව ඊයේ රාත්‍රියේදී පැහැදිලි වූ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළා. 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (07) කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ආසනයේ පැවති සමගි තරුණ බල මණ්ඩල පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින්.

ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරියට, ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 159 දෙනාට සහ කොළඹ පුරපතිනියට පමණක් පුනරුදය උදා වී ඇති නමුත් ජනතාවට එම පුනරුදය උදා වී නොමැති බවද විපක්ෂ නායකවරයා පැවසුවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required