/
/
title icon
වෛද්‍යවරුන් හෙට විරෝධතාවක
වෛද්‍යවරුන් හෙට විරෝධතාවක
News Editor
24 minutes ago
Share:
වෛද්‍යවරුන් හෙට විරෝධතාවක

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙට (10) දිනයේදී කොළඹදී විරෝධතාවක් පවත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා අද (09) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පැවසුවේ මෙම විරෝධතාව කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී පැවැත්වීමට නියමිත බවයි.

කෙසේ නමුත් හෙට දින කිසිදු වැඩ වර්ජනයක් රෝහල් පද්ධතියේ සිදු නොවන බව පැවසූ ඒ මහතා සියලු වෛද්‍යවරුන් කොළඹට ගෙන්වීමට කටයුතු නොකරන බවද සඳහන් කළා.

එමෙන්ම වෛද්‍යවරුන්ගේ දීමනා සහ වැටුප් කප්පාදු කර ඇති බවත් නිල නිවාස සම්බන්ධවද ගැටලු රැසක් පැන නැගී ඇති බැවින් මේ සම්බන්ධව එළැඹෙන අයවැය තුළ විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇතැයි සිය සංගමය අපේක්ෂා කරන බවද වෛද්‍යවරයා කියා සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required