2026 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 19 ඉක්මවා ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ 2026 ජනවාරි 1 වැනිදා සිට නොවැම්බර් 08 වැනිදා දක්වා කාලය තුළ සංචාරකයින් 1,912,233දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි.
මේ අතර, නොවැම්බර් 1 වැනිදා සිට 08 වැනිදා දක්වා කාලය තුළ පමණක් සංචාරකයින් 49,929 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවද ඔවුන් සඳහන් කළා.
වසරේ මේ දක්වා වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි රට ලෙස ඉන්දියාව වාර්තා අතර පෙරමුණේ පසුවනවා.
ඒ අනුව, එම කාලය තුළ ඉන්දීය සංචාරකයින් 512,026 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා.
එක්සත් රාජධානියෙන් සංචාරකයින් 176,670 දෙනෙකු ද, චීනයෙන් සංචාරකයින් 126,326 දෙනෙකු ද, ජර්මනියෙන් සංචාරකයින් 108,754 දෙනෙකු ද මෙරටට පැමිණ ඇති බව සඳහන්.
එමෙන්ම, ඔක්තෝබර් මාසයේ පළමු දින 8 තුළ ද වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේද ඉන්දියාවෙන්.
එම කාලය තුළ ඉන්දීය සංචාරකයින් 12,401 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව වාර්තා වනවා.