2026 වසරේ අවසන් කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් සිදු නොකිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව, තෙවන කාර්තුවේදී ක්‍රියාත්මක වූ විදුලි ගාස්තු ක්‍රමයම මෙම කාර්තුවේදී ද බලාත්මක වනු ඇති බව එම කොමිෂන් සභාව සඳහන් කළා.
ජාතික පද්ධති ක්‍රියාකරු (NSO) විසින් ඉදිරිපත් කළ පිරිවැය දත්ත අනුව 2026 අවසන් කාර්තුවේ විදුලිය සැපයීමේ පිරිවැය සියයට 2.88කින් ඉහළ යනු ඇතැයි කොමිෂන් සභාව නිරීක්ෂණය කර තිබෙනවා.
කෙසේ වෙතත්, නොවැම්බර් 9 වැනිදා යාවත්කාලීන කළ පිරිවැය දත්ත සහ මහජන උපදේශනයේදී ඉදිරිපත් වූ අදහස් හා යෝජනා සලකා බැලීමෙන් අනතුරුව විදුලි ගාස්තු සංශෝධනයක් අවශ්‍ය නොවන බවටයි කොමිෂන් සභාව තීරණය කර ඇත්තේ.
2026 අවසන් කාර්තුව සඳහා අදාළ පිරිවැය දත්ත NSO විසින් ඉදිරිපත් කළ යුතුව තිබුණේ අගෝස්තු 17 වැනිදාට පෙර වුවද, එම දත්ත කොමිෂන් සභාවට ඉදිරිපත් කර තිබුණේ ඔක්තෝබර් 6 වැනිදා බවද එම කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ සඳහන් .