/
/
title icon
සිවරාසාට දුන් නිදහසට සෞදියට ප්‍රසාදය
සිවරාසාට දුන් නිදහසට සෞදියට ප්‍රසාදය
News Editor
18 hours ago
Share:
සිවරාසාට දුන් නිදහසට සෞදියට ප්‍රසාදය

ශ්‍රී ලාංකික පුරවැසියෙකු වන අනෝජන් සිවරාසා මහතාට එරෙහිව සෞදි අරාබි රාජධානියේ පවතින නඩුවේ ඉදිරි නීතිමය කටයුතු තවදුරටත් පවත්වා ගෙන නොයාමට සහ එම නඩුව නිල වශයෙන් අවසන් කිරීමට සෞදි අරාබි රාජධානියේ රජයේ අභිචෝදක අධිකාරිය ගත් තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සිය බලවත් ප්‍රසාදය සහ සතුට පළ කර සිටිනවා.

මෙම සාධනීය ප්‍රගතිය අත්කර ගැනීමට හැකි වී ඇත්තේ, සිවරාසා මහතාට මීට පෙර පනවා තිබූ මරණ දඬුවම අවලංගු කර, වැඩිදුර නඩු කටයුතු සඳහා එම නඩුව අල් - අහ්සා අපරාධ අධිකරණය වෙත යළි යොමු කිරීමට සෞදි අරාබි රාජධානියේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2026 ඔක්තෝබර් 13 වැනිදා ලබා දුන් තීන්දුවෙන් අනතුරුවයි.

ඒ අනුව, ඔක්තෝබර් 27 වැනිදා පැවති නඩු විභාගයේදී අදාළ නීතිමය ක්‍රියාපාටීන් යටතේ නඩුව රජයේ අභිචෝදක අධිකාරිය වෙත යොමු කෙරුණු අතර, කරන ලද විමර්ශන අවසන් වීමෙන් පසු එහි ඉදිරි කටයුතු නවතා නඩුව නිල වශයෙන් අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.

මේ සමඟම සිවරාසා මහතාට මීට පෙර පනවා තිබූ සියලු දඬුවම් සම්පූර්ණයෙන්ම අවලංගු කර ඇති අතර ඒවා තවදුරටත් බලාත්මක නැහැ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required