/
/
title icon
හාල්මැස්සන්, උම්බලකඩ ඇතුළු භාණ්ඩ කිහිපයක බදු ඉවත් කිරීමේ ගැසට්ටුව නිකුත් කෙරේ
හාල්මැස්සන්, උම්බලකඩ ඇතුළු භාණ්ඩ කිහිපයක බදු ඉවත් කිරීමේ ගැසට්ටුව නිකුත් කෙරේ
News Editor
59 minutes ago
Share:
හාල්මැස්සන්, උම්බලකඩ ඇතුළු භාණ්ඩ කිහිපයක බදු ඉවත් කිරීමේ ගැසට්ටුව නිකුත් කෙරේ

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකට පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු අඩු කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. 

ඊයේ (12) අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කර සිටියේ අද (13) සිට මෙම බදු අඩු කිරීම බලාත්මක වන බවයි.

ඒ අනුව ආනයනික හාල්මැස්සන් සඳහා කිලෝග්‍රෑමයකට පනවා තිබූ රුපියල් 100ක බදු මුදල රුපියල් 10 දක්වා ද, උම්බලකඩ සඳහා කිලෝග්‍රෑමයකට පනවා තිබූ රුපියල් 202 බදු රුපියල් 10 දක්වාද අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

මීට අමතරව කුඩු කළ සහ කුඩු නොකළ වියළි මිරිස් සඳහා පනවා තිබූ කිලෝග්‍රෑමයට වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දද රුපියල් 50 දක්වා අඩු කිරීමටද පියවර ගැනුණා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required