/
/
title icon
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවල ආදායම් ඉලක්ක සපුරයි
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවල ආදායම් ඉලක්ක සපුරයි
News Editor
2 hours ago
Share:
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවල ආදායම් ඉලක්ක සපුරයි

2026 වසර සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබාදී තිබූ වාර්ෂික ආදායම් ඉලක්කය ඉක්මවා යාමට එම දෙපාර්තමේන්තුව සමත්ව තිබෙනවා.

ඒ අනුව, රුපියල් බිලියන 2,402ක ආදායම් ඉලක්කයක් ලබාදී තිබූ අතර, නොවැම්බර් 16 වැනිදා වන විට රුපියල් බිලියන 2,441.9ක ආදායමක් රැස්කර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමත් වුණා.

එය නියමිත වාර්ෂික ආදායම් ඉලක්කයද ඉක්මවා යාමක්.

එමෙන්ම, 2025 නොවැම්බර් 16 වැනිදාට සාපේක්ෂව 2026 නොවැම්බර් 16 වැනිදා වන විට රුපියල් බිලියන 491ක අමතර ආදායමක් රැස්කර ගැනීමටද දෙපාර්තමේන්තුව සමත්ව තිබෙනවා.

එය පෙර වසරට සාපේක්ෂව 115%ක වර්ධනයක් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required