ලාෆ්ස් ගෑස් මිල ගණන් පහත දැමීමට එම සමාගම කටයුතු කර තිබෙනවා.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5,995ක් දක්වා රුපියල් 745කින් අඩු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2,398 දක්වාද මිල අඩු කිරීමට එම සමාගම පියවර ගෙන තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කර ඇත්තේ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් සිදුකළ ඉල්ලීම සහ පාරිභෝගික ජනතාව මුහුණ දෙන අපහසුතා සැලකිල්ලට ගනිමින් ලාෆ්ස් ගෑස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම තීරණය ගත් බවත් සමාගම සඳහන් කළා.
එමෙන්ම මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ සෞදි ඇරම්කෝ මිල සහ නැව් ගාස්තු ඇතුළු ආනයන පිරිවැය ඉහළ ගියද මාස තුනක් පුරා මිල සංශෝධනයක් නොකර එම පිරිවැය වැඩිවීමෙන් සිදුවූ අලාභය සමාගම විසින් දරාගත් බවත් එයින් ඇති වූ අඛණ්ඩ ආලභ හේතුවෙන් මෑතකදි රුපියල් 1,775කින් කිලෝ 12.5ක ගෑස් සිලින්ඩරයක මිල වැඩි කිරීමට සිදුවූ බවයි.