/
/
title icon
කඩුවෙල නගර මැද වෙළෙඳසැලක ගින්නකින් මව, පියා සහ දරු දෙදෙනා මරුට
කඩුවෙල නගර මැද වෙළෙඳසැලක ගින්නකින් මව, පියා සහ දරු දෙදෙනා මරුට
News Editor
5 hours ago
Share:
කඩුවෙල නගර මැද වෙළෙඳසැලක ගින්නකින් මව, පියා සහ දරු දෙදෙනා මරුට

කඩුවෙල නගර මධ්‍යයේ පිහිටි දෙමහල් ගොඩනැගිල්ලක අද (19) අලුයම හටගත් ගින්නෙන් ඇති වූ දුම ආඝ්‍රාණය වීම හේතුවෙන් එකම පවුලේ සිව්දෙනා මියයන්නට ඇති බවට සැක කරන බව පොලීසිය පවසනවා. 

එමෙන්ම, ගින්නට හේතුව විදුලි කාන්දුවක් විය හැකි බවට ද පොලිසිය සැක පළ කරනවා. 

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අදාළ ගොඩනැගිල්ලේ විදුලි උපකරණ අලෙවිසැලක් පවත්වාගෙන ගිය 35 හැවිරිදි නාරද සඳරුවන්, ඔහුගේ 28 හැවිරිදි බිරිඳ ලක්ෂිකා මධුශානි සහ ඔවුන්ගේ දියණියන් දෙදෙනා වන පස්හැවිරිදි දිලෙනි හසන්‍යා සහ දෙහැවිරිදි ඔනෙලි පහන්යායී. 

කඩුවෙල නගරයේ පිහිටි මහල් දෙකකින් සමන්විත විදුලි උපකරණ අලෙවිසැලේ මෙම ගින්න හටගෙන තිබුණේ අද අලුයම 5.30ට පමණයි.

ගින්න මැඩපැවැත්වීම සඳහා පොලිසිය සහ කෝට්ටේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් කඩිනමින් පියවර ගෙන තිබූ අතර, අනතුරුව ගිනි නිවන භටයන් විසින් වෙළෙඳසැලේ උඩුමහල පරීක්ෂා කිරීමේදී ඇඳක් මත තිබී යුවළගේ සහ දරුවන් දෙදෙනාගේ මළ සිරුරු සොයාගෙන තිබුණා. 

මියගිය පවුලේ සාමාජිකයන් තලාහේන ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඇතැම් දිනවල එම ගොඩනැගිල්ලේ උඩුමහලේ පිහිටි පසුපස කාමරයක ඔවුන් රැඳී සිට ඇති බවට අනාවරණ වී තිබෙනවා. 

එමෙන්ම, ඔවුන් නිදා සිටි උඩුමහලේ පිටවීමේ දොරටුව විවෘත කළ නොහැකි පරිදි සම්පූර්ණයෙන්ම වසා දමා තිබූ බව ද පොලීසිය සඳහන් කළා. 

මියගිය සිව්දෙනාගේ සිරුරු මුල්ලේරියාව රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required