/
/
title icon
පාතාල කල්ලි සාමාජික "රොටුඹ අමිල" හෙට දිවයිනට
පාතාල කල්ලි සාමාජික "රොටුඹ අමිල" හෙට දිවයිනට
News Editor
4 hours ago
Share:
පාතාල කල්ලි සාමාජික "රොටුඹ අමිල" හෙට දිවයිනට

රුසියාවේදී අත්අඩංගුවට පත්වූ මෙරට සංවිධානාත්මක අපරාධකරුවකු වන "රොටුඹ අමිල" නමැත්තා හෙට (20) මෙරටට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.

ඒ වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මේ වනවිට රුසියාව බලා පිටත්ව ගොස් ඇති බව සඳහන්. 

දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදු වූ මනුෂ්‍ය ඝාතන, කප්පම් ගැනීම් සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් රැසකට අවශ්‍යව සිටි ප්‍රධාන සැකකරුවෙක් බවට තොරතුරු වාර්තා වනවා. 

ඒ අනුව, මෙරටින් පලා ගොස් සැඟව සිටියදී, 2025 වසරේ මාර්තු මාසයේදී රුසියානු ආරක්ෂක අංශ විසින් මොහුව අත්අඩංගුවට ගෙන තිබුණා‍. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required