යෝජිත අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලැස්ම සම්බන්ධයෙන් අස්ගිරි සහ මල්වතු පාර්ශවයේ මහා නායක හිමිවරුන් දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ, ජනාධිපතිවරයා විසින් පත්කළ යෝජිත අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලැස්ම සම්බන්ධ ජනාධිපති උපදේශක සභාවේ සම සභාපති ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින්.
අනුරාධපුර පූජාභූමිය බෞද්ධ උරුමයේ මුදුන්මල්කඩක් බවත්, එහි බෞද්ධ උරුමය ආරක්ෂා වන ආකාරයෙන් කටයුතු කිරීමේ වැදගත්කම මෙහිදී මහ නාහිමිවරුන් අවධාරණය කර තිබෙනවා.
එමෙන්ම පූජා භූමියේ පුරාවිද්‍යාත්මක වටිනාකම ආරක්ෂා වන ආකාරයෙන් සංවර්ධන කටයුතු සිදු කිරීම පිළිබඳවද අවධානය යොමුව තිබුණා.
අටමස්ථානය වැඳපුදා ගැනීමට පැමිණෙන උපාසක උපාසිකාවන්ගේ සනීපාරක්ෂක කටයුතු සහ ප්‍රවාහන කටයුතු වැනි පහසුකම් සැලසීම ද මෙහිදී සාකච්ඡාවට ලක්වුණා.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසා සිටියේ, එම උරුමයන් ආරක්ෂා කරමින් එම පහසුකම් වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් මහා නායක හිමිවරුන්ගේ කිසිදු විරෝධතාවයක් නොමැති බවයි.
මෙවැනි සංවේදී කරුණක් පිළිබඳ සාකච්ඡාවෙන් හා සම්මුතියෙන් කටයුතු කිරීම වඩාත් සුදුසු බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි එහිදී පවසා තිබුණා.