වත්මන් ගැටුම්කාරී තත්ත්වය හෝ පවතින අවහිරතා අවසන් කිරීමේ අරමුණින් පමණක් අමෙරිකාව සමග කිසිදු ගිවිසුමකට එළැඹීමට ඉරානය සූදානම් නොමැති බව එරට විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි පවසනවා.
විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉරාන විදේශ අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ, දෙපාර්ශ්වය අතර ඇතිවන ඕනෑම ගිවිසුමක් මගින් ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව දියත් කරන ප්‍රහාර යළි සිදු නොවන බවට ස්ථිර සහතිකයක් ලැබිය යුතු බවයි.