ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ඔක්තෝබර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව 2026 සැප්තැම්බර් මාසයේ දී 8.1%ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමන අනුපාතය 2026 ඔක්තෝබර් මාසය සඳහා 8.5%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි දැක්වෙනවා.
සැප්තැම්බර් මාසයේ දී 6.9%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමන අනුපාතය 2026 ඔක්තෝබර් මාසයේදී 7.2%ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
එමෙන්ම, 2026 සැප්තැම්බර් මාසයේ දී 9.1%ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමන අනුපාතය 2026 ඔක්තෝබර් මාසයේ දී 9.5% ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර නොවැම්බර් මාසයේ උද්ධමන අනුපාතය සියයට 09ක් හෝ ඊට ආසන්න මට්ටමක් දක්වා ඉහළ යා හැකි බව පසුගිය 20 වැනිදා මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම්දීමේ අවස්ථාවට එක්වෙමින් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළා.