/
/
title icon
2026 වසරේ අපනයන ආදායම ඉහළට
2026 වසරේ අපනයන ආදායම ඉහළට
News Editor
1 hour ago
Share:
2026 වසරේ අපනයන ආදායම ඉහළට

2026 වසරේ මුල් මාස 10 තුළ (ජනවාරි -ඔක්තෝබර්) මෙරට භාණ්ඩ හා සේවා යන දෙඅංශයේ සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 15.28ක් දක්වා ඉහළගොස් ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) පවසනවා.

2025 වසරේ එම කාලසීමාවේදී වාර්තා වූ අ.ඩො.බි. 14.41ක ආදායමට සාපේක්ෂව මෙය 6.03%ක වර්ධනයක්.

ශ්‍රී ලංකා රේගුව නිකුත් කළ නවතම දත්තවලට අනුව අදාළ කාලසීමාව තුළ භාණ්ඩ අපනයන ආදායම පසුගිය වසරේ වාර්තා වූ අ.ඩො.බි. 11.36 සිට 5.72%කින් ඉහළ ගොස් අ.ඩො.බි. 12.01ක් ලෙස සටහන් වී තිබෙනවා. 

අපනයන පුළුල්කිරීම, නව වෙළෙඳපොළ ප්‍රවේශය, භාණ්ඩ හා සේවා විවිධාංගීකරණය සහ ඉහළ වටිනාකමකින් යුත් නැගීඑන අපනයන ක්ෂේත්‍ර දිරිගැන්වීම මෙම සාර්ථකත්වයට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා‍. 

මෙම කාලසීමාව තුළ ශ්‍රී ලංකා අපනයනවල ප්‍රධානතම ගැනුම්කරුවන් ලෙස අමෙරිකාව, ඉන්දියාව, මහා බ්‍රිතාන්‍යය, ඉතාලිය සහ ජර්මනිය කැපී පෙනේ. ඉන් වැඩිම ආදායමක් උපයා ඇත්තේ අමෙරිකාවට සිදුකළ අපනයනවලින් වන අතර, එම අගය අමෙරිකානු ඩොලර් මිලියන 2,518.31ක්.

දෙවැනි වැඩිම අපනයන ආදායම ඉන්දියාවෙන් (අ.ඩො.මි. 989.66) වාර්තා වී ඇති අතර, මහා බ්‍රිතාන්‍යයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 723.40ක ආදායමක් උපයා තිබෙනවා. 

ඊට අමතරව ඉතාලියෙන් අමෙරිකානු ඩොලර් මිලියන 573.18ක් සහ ජර්මනියෙන් අමෙරිකානු ඩොලර් මිලියන 565.95ක ආදායමක් ලබාගෙන ඇතැයි සඳහන්. 

අපනයන ක්ෂේත්‍ර අතරින් ඉහළම ආදායමක් උපයා ඇත්තේ ඇඟළුම් ක්ෂේත්‍රය වන අතර, එමගින් උපයා ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 4,196.56ක්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required