/
/
title icon
ගෝඨාගේ විදෙස් ගමන් තහනම තවදුරටත්
ගෝඨාගේ විදෙස් ගමන් තහනම තවදුරටත්
News Editor
1 hour ago
Share:
ගෝඨාගේ විදෙස් ගමන් තහනම තවදුරටත්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවට අදාළව තමන්ට පනවා තිබෙන විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද ප්‍රතික්ෂේප කළා. 

හිටපු ජනාධිපතිවරයා සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කළ ඉල්ලීමට අදාළ නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම තීන්දුව ලබාදී තිබෙනවා. 

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ තොරතුරු වසන් කිරීම සහ ඊට අදාළ විමර්ශන නොමඟ යැවීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නීති කෘත්‍යයට අදාළව මෙම විදෙස් ගමන් තහනම පනවා තිබුණා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required