නීතිවිරෝධී ලෙස සුඛෝපභෝගී වාහනයක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කළා.
කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් අද මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
ඒ අනුව 2023 දෙසැම්බර් 5 වැනිදා සිට 2024 ඔක්තෝබර් 4 වැනිදා දක්වා කාලය තුළ ලියාපදිංචි නොකළ වාහනයක් භාවිත කිරීමේ චෝදනාවට රුපියල් 5,000ක දඩයක් නියම කර තිබෙනවා.
එම දඩය නොගෙවන්නේ නම් මාසයක ලිහිල් සිරදඬුවමක් නියම කරන බවයි මහේස්ත්‍රාත්වරයා පැවසුවේ.
එමෙන්ම මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාගේ ලිඛිත අනුමැතියකින් තොරව එකලස් කරන ලද වාහනයක් බව දැනුවත්ව ධාවනය කිරීමේ චෝදනාවට රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබෙනවා.
ඊට අමතරව මාසයක ලිහිල් සිරදඬුවමක් නියම කර එය වසර පහකට අත්හිටුවීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා.
අදාළ කාලසීමාව තුළ වාහනයේ අංක තහඩුව වංචනික ලෙස සවිකර භාවිත කිරීමේ චෝදනාවට ද වරදකරු වූ හිටපු අමාත්‍යවරයාට රුපියල් 25,000ක දඩයක් නියම කර ඇති අතර, එය නොගෙවන්නේ නම් මාස තුනක ලිහිල් සිරදඬුවමක් නියම කර තිබෙනවා.