රුවන්වැලි මහා සෑ පරිශ්‍රයේ ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර භාරයේ පසුවූ, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පුද්ගලයින් එකොළොස් දෙනෙකු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැරියා.
ඒ අනුව එක් අයෙකුට රුපියල් ලක්ෂ දහය බැගින් ශරීර ඇප නියම කර තිබෙනවා.
මෙම නැවත නඩු විභාගය අප්‍රේල් මස 29 වැනිදා දක්වා කල් තැබුණු අතර, අද දිනයේදී රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමි අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබුවා.
අනුරාධපුර රැවන්වැලි සෑය අසළ දන්සැල් භූමියේ අධිකරණ නියෝග නොතකමින් මාරාන්තික උපවාසයක නිරතව සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කස්සප හිමි ඇතුළු 11දෙනා නොවැම්බර් 12 වැනිදා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.