S&P Global ආයතනය (ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්) විසින් ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම 'CCC+/C' මට්ටමේ සිට 'B-/B' මට්ටම දක්වා ඉහළ නංවා තිබෙනවා.
ඒ අනුව, එම ශ්‍රේණිගත කිරීම්වල ඉදිරි දැක්ම ස්ථාවර (Stable) මට්ටමේ පවතින බව එම ආයතනය නිවේදනය කරනවා.
මෙරට රාජ්‍ය ආදායම අඛණ්ඩව වර්ධනය වීම සහ අභියෝගාත්මක බාහිර ආර්ථික පරිසරයක් මධ්‍යයේ වුව ද විදේශ සංචිත අඛණ්ඩව ඉහළ යාම වැනි කරුණු මෙම ශ්‍රේණිගත කිරීම් සඳහා පාදක කරගෙන ඇතැයි සඳහන්.
ආර්ථික වර්ධනයේ ඔරොත්තු දීමේ හැකියාව හේතුවෙන් රජයේ මූල්‍ය සහ විදේශීය සංචිත තවදුරටත් ශක්තිමත් වන බවත්, ණය සේවාකරණය සම්බන්ධයෙන් රජයට පවතින අවදානම් සැලකිය යුතු ලෙස අඩු වන බව ද එම ආයතනය පවසනවා.
දිගුකාලීන ශ්‍රේණිගත කිරීම පිළිබඳ දැක්ම ස්ථාවර වන අතර, රජය සාර්ව ආර්ථික ස්ථාවරත්වය වැඩිදියුණු කරන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම අඛණ්ඩව සිදු කරගෙන යනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව S&P Global Ratings නිකුත් කළ වාර්තාවේ දැක්වෙනවා.
දිගුකාලීන විදේශ සහ දේශීය මුදල් ශ්‍රේණිගත කිරීම් පිළිබඳ දැක්ම ස්ථාවර මට්ටමක පවතින අතර කෙටි කාලීන විදේශ සහ දේශීය මුදල් ශ්‍රේණිගත කිරීම් 'C' මට්ටමේ සිට 'B' මට්ටම දක්වා ඉහළ නංවා තිබෙනවා.
අරමුදල් හුවමාරු කිරීම සහ පරිවර්තනය කිරීමේ හැකියාව පිළිබඳ තක්සේරුව 'B-' ලෙසම පවතින බව එම ආයතනය පෙන්වා දෙනවා.
ගෝලීය බලශක්ති වෙළඳපොලේ දිගුකාලීන බාධා පැවතියද, ඉදිරි මාස 6 සිට 12 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඔරොත්තු දීමේ හැකියාව පවත්වා ගනු ඇතැයි අඅපේක්ෂා කෙරෙනවා.